sda

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

Sponsored

Tuesday, June 4, 2024

යලි යලිත් මිල අඩුකරන ලිට්රෝ සමාගම

 


ජාත්‍යන්තර වෙළඳපළේ මේ කාල සීමාවේදී  ගෑස් නිෂ්පාදිතයේ විශාල වශයෙන් මිල අඩුවීමක් සිදු නොවුනත්  නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා.

නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව,


12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර


5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර


2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ.


මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම 2024.06.04 දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

Saturday, February 24, 2024

නව සන්ධාන ජනරැළියට සුවිශාල ජනගගක් කොළඹට - සූගීෂ්වර බණ්ඩාර මහතාගෙන් සුවිශේෂී දේශනයක්


"ශක්තිමත් ආර්ථිකයක් - ජයග්‍රාහී ගමනක්" තේමාව කරගනිමින් කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී ඊයේ  (24) පස්වරුවේ පැවති නව සන්ධානයේ දෙවන ජන රැළියට  විශාල ජනකායක් සහභාගී වී සිටියේය.

නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය වූ කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්ව සිටියහ.


නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම ජන රැලියට සහභාගී වී සිටියහ.


මෙම අවස්ථාවේදී පැමිණසිටි ජනතාව ඇමතු කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර මහතා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව  සුවිශේෂී දේශනයක් කරනු ලැබුවා එම කතාව පහතින් ..




Friday, January 26, 2024

ලිට්රෝ සමාගමෙන් 2023 වර්ෂයේදී රුපියල් බිලියන තුනක ලාභයක් රාජ්‍ය භාණ්ඩාගාරයට.

දැඩි ආර්ථික අවපාත හමුවේ ඉදිරියට යමින් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම  2023 වර්ෂයේ ලාභය ලාභාංශ විදිහට රජයට ගෙවීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 1.5 මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගමේ මව් සමාගම හරහා  රජයේ භාණ්ඩාගාරය වෙත එකී මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

මීට කලින් ඔක්තෝබර් මාසයේදීත් බිලියන එක හමාරක මුදලක් ලිට්රෝ  සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගෙවූ අතර,මේ ලෙස අද දින නැවතත් මේ මුදල් ගෙවීම සිදු කරන්නේ ලිට්රෝ  සමාගම ගෙවන දෙවැනි රුපියල් බිලියන එක හමාර ලෙසයි.සමස්තයක් ලෙස ගත් විට 2023 වර්ෂය සඳහා ලිට්රෝ  සමාගම ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇති බවට අද දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාවේදී ලිට්රෝ සභාපතිතුමා සඳහන් කලා.

අපමණ අභියෝගතා පැවතියත් එවැනි කාල වකවානුවක් තුළ රජයට ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට මුදල් ඇවැසි මොහොතක රුපියල් බිලියන තුනක ලාභයක මුදලක් රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලිට්රෝ  ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සභාපති තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.