sda

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

Sponsored

Friday, September 15, 2023

බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් වන අලි – මිනිස් ගැටුම් වැළැක්විය හැකියි – වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම තුළින් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 

දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු අලින්ගෙන් සිදුවන බලපෑම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සම්බන්ධ කළ හැකි බවත් ඇමැතිවරිය තවදුරටත් සඳහන් කළාය. 


ඇමතිවරිය ඉහත ප්‍රකාශය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අලි මිනිස් ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු ලබාදෙමිනි. අලි – මිනිස් ගැටුම් වැළැක්වීමට දැනටමත් යොදවා සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අඛණ්ඩව සේවයේ යෙදෙන අතරම ඉහත බහුකාර්ය නිලධාරීන් බඳවා ගන්නේ නම් අලි ගම්වැදීම වැළැක්වීම සඳහා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම්ද සිදු කළ හැකි බව බව මන්ත්‍රීවරු සඳහන් කළහ. 

එසේම, පෞද්ගලික ඉඩම් ඇතුළු ස්ථානවල වගාකර ඇති පයිනස් දැව කැපීමට ඇති බාධා පිළිබඳවද මන්ත්‍රීවරු ඇමැතිවරියගේ අවධානයට යොමු කළහ. පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුකරන බව ඇමැතිවරිය මෙහිදී සඳහන් කළාය. රනිල් ධර්මසේන

Tuesday, September 12, 2023

වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.